built during the time of greatest king of Sri Lanka Gamini Abeya
An ancient temple
මොනරාගල-පොතුවිල් මාර්ගයේ පොතුවිල් නගරයට සැතපුම් 3 පමණ තිබියදී හමුවන්නේ ලහුගල නම් ඓතිහාසික ගමයි. මෙහි කඩ මන්ඩිය පසු කර සැතපුම් 1 1/2 පමණ ගිය තැන යල්පොත නම් කුඩා ගම්මානය හමු වේ.මෙකී ගම මැද කොටවෙහෙරගල විහාරය පිහිටා ඇත.
මෙහි එක් පසකින් සුවිසල් පර්වතයකි.එයට නැගීම පිණිස එක් පසකින් පියගැට පෙලක් කොටා ඇත.පියගැට පෙල දිගේ ටික දුරක් යන විට සිසිල් දිය පිරි සුපිරිසිදු දියෙන් පිරි නිබදව උතුරා යන පොකුණකි.
පොකුණට දකුණු පසින් පිහිටි විශාල ගොඩැල්ල මෙම ස්ථානයට නම් ලැබීමට හේතු වු මනහර සෑ රදුන්ට අයත් නටබුන් සේ සැලකේ. මේ ස්ථූපයට සමාන්තර ලෙස ඉදිරියෙන් ගොඩනැගිලි දෙකක නටඹුන් දක්නට ලැබේ. එයින් එකක් බුදුමැදුරක් විය හැක. මෙම ගොඩනැගිලි වල කුළුණු හිස පේකඩ දක්නට ලැබෙන අතර ඒවා අනුරාධපුර මයුර ප්‍රසාදයේ කුළුණු හිස්වලට බෙහෙවින් සමාන වෙයි. මේ සියල්ල පිහිටි පර්වතය මතට නැගීමට පඩි 150කින් පමන සමන්විත පියගැටපෙලකි. ඒ අසල කුඩා සෙල්ලිපියක් වන අතර එහි කියවියහැකි කුඩා කොටසක වච්ගමකහි තෙරස ලෙස දැක්වෙයි. මෙයින් මෙම පියගැටපෙළ භික්ෂූන්වහන්සේ නමක් ඉදිකරන්නට ඇතැයි සැලකියහැක.
පර්වතය පාමුල දකුණු පසට වන්නට මනා ලෙස කටාරම් කෙටූ ලෙනකි. එය රෝහනයේ කරදහෙළේ බුදුලෙනට පමනක් විශාලත්වය අතින් දෙවනි වේ.
පුරාවෘතයන්ට අනුව මෙම ස්ථානයේ සිටි සාමනේර නමක් ආකාශ චෙත්‍යයට නැගීමට පියගැට පෙළ සෑදීමට යාමෙදී ගිලන්ව ගිය කල සීලාපස්සය පිරිවෙණට ගෙන ගොස් උවැටැන් කල අතර විහාර මහා දේවිය එහි ගොස් තමන්ට දරුවව උපදින ලෙසට ඇරයුම් කල බවද දැක්වේ.
උපුටා ගැනීම් - නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.
Contains remnants of old pagoda, water pond, Buddha's foot print and other historicaly important remnants.
Still no any information about this place. But we found stone inscription totally damage by weather. This place has very old pagoda with few Siri pathula stones. (Buddha's foot print) need to pay attention by archeological department.