Good place
වෙහෙරකෙම නටඹුන්
==============
පානම සිට කුඩුම්බිගල හරහා කුමන දක්වා වැටී ඇති මාර්ගයේ කි.මී. 7ක් පමන පානම සිට පැමිණි විට මග අසලම විශාල ගල්තලාවක් හමුවෙයි. ඒ අසලම මෑතකදී ඉදිවු ගණ දේවාලයකි. ඒ අසලින් ඇති අඩිපාරේ මදක් දුරක් ගියවිට ගල්තලාව මතට පැමිණියහැකි අතර මුලින්ම හමුවන්නේ ජලය පිරි ගල් කෙමකි.
එම දියකෙමට පසෙකින් ගල මත තැනිතලාවක් දක්නට ලැබෙන අතර එහි ගොඩැලි දෙකක් දක්නට ලැබෙයි. මෙම ස්ථූප නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව විනාශවී ඇත.පර්වත තලාව මත ගොඩනැගිලිවලට අයත් ගල්කණු හා පාදම්ගල් හැමතැනකම විසිරී ඇත. බුදුපිළිමවල කොටස්ද තැන්තැන් වල දක්නට ලැබෙයි. මෙම ගොඩනැගිලි පිහිටි අනෙක්පස පර්වතයේ විශාල බැම්මක් බැඳ බිම සමතලා කොට සකසා ඇත. අවට වනයේ ද ගල්ලෙන් කීපයක් දක්නට ලැබෙයි. අතීතයේ දියුණු ආරාමයක් පැවති බවට සැලකිය හැක.
- උපුටා ගැනීම් - නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි