පානම සිට කුමන දක්වා දිවෙන මාර්ගයේ පානම නගරයේ සිට කුමන දෙසට කි. මී. 7ක් පමණ පැමිණ (මීට මද දුරක් ඉදිරියෙන් වෙහෙරකෙම නටබුණ් විහාරය හමුවෙයි ) දකුණු පසට මුහුද දෙසට කුඹුරු මැදින් පැමිණ මෙම ස්ථානයට ලඟාවියහැක. මෙම ස්ථානය කුණකොළකන්ද ලෙසද හඳුන්වන අතර කළපුවට මායිම්ව මුහුදට ඉතා ආසන්නව පිහිටා ඇත.
මෙහි පිහිටි විශාලම ගල් පර්වතය මත හා ඒ අවට බෞද්ධ විහාර ආරමයක නටඹුන් විසිරී පවතී. ඒවා අතර ඉපැරණි ගඩොළු, ගල් කණු හා ගල් පොකුණු කීපයකද නටඹුන් පවතී. මෙම ස්ථානයට ලඟාවීමට නිසි මාර්ගයක් නොමැති තරම්ය. වර්ෂ 2014 ඔක්තෝම්බර් මස 10 වන දින නිකුත් කළ ගැසට්පත්‍රය මගින් මෙම ස්ථානය පුරාවිද්‍යා භූමියක් ලෙසට නම්කොට ඇත.