• Delete
  • Edit
place of worship

Panama Wewevehera Rajamaha Viharaya

Lahugala

About

Panama Wewevehera Rajamaha Viharaya is a place of worship, located at Lahugala, Sri Lanka

Location :
Lahugala

Added by Jopie, at 12 June 2017

Gallery

Add missing information

Add email
Add phone
Add business description
Add website
Add Social Media
Add Products and Services

1 Reviews

  • Anonymous
    19 June 2017

    පානම ගම්මානයේ සිට කුමණ දක්වා වැටී ඇති මාර්ගයේ සැතපුම් 2ක් පමණ ගියවිට දෙමංසලක් මුණගැසෙයි. එයත් පසුකර ඉදිරියට යනවිට අම්පිටිය දේවාලය මුණගැසෙන අතර තවත් දුරක් ඉදිරියට යනවිට පානම වැව හමුවෙයි. අතීතයේ පාෂාණවාපි වැව ලෙස මෙම වැව පාලි ග්‍රන්ථවල දක්වා ඇත.

    වැවේ බැම්මේ යටි අත්තේ වනයෙන් වැසීගිය අක්කර ගනනක් පුරා විසිරුණු නටඹුන් සමූහයකි. ප්‍රදේශයේ ජනතාව මෙම පෙදෙස වෙහෙර ගොඩැල්ල ලෙස හදුන්වයි. අවට ස්ථාන කීපයකම කටාරම් කෙටූ ලෙන් දක්නට ලැබෙන අතර ඇතැම් ලෙන්වල ඉපැරණි බදාම තට්ටු සුළු වශයෙන් තවමත් දක්නට ලැබෙයි.

    මෙහි ගල්තලාවක් මත ගොඩනැගූ චෛත්‍යක් වන අතර එයට සෑම දෙසින්ම ගොඩවීමට පඩිපෙල සකස්කොට තිබී ඇත. ඒ අවට ක්‍රි.පූ. 2 හා ක්‍රි.ව. 5-7 සියවස් වලට අයත් සෙල්ලිපි දක්නට ලැබෙයි. ඉන් එක ලිපියක මෙම ස්ථානය පනව රජමහ වෙහෙර ලෙස දක්වා ඇත.

    පාලි රසවාහිනියේ දැක්වෙන කතාවක මාගම විසූ එක්තරා සාමනේර හිමි නමක් පාෂාණවාපී ග්‍රාමයේ පිඩුපිණිස හැසිරෙන එක්තරා මනුෂ්‍යයෙක්ගෙන් ජලය ඇතිතැනක් ගැන විමසූ බව සඳහන්ව තිබේ. මේ ඒ පානම විය යුතුය.මෙයින් එම පෙදෙසේ එකල දියුණුව පිළිඹඳ සිතාගතහැක.

    response / report this review

Rate & Write Reviews