Ancient Buddhist temple
කොළඹ සිට ගාල්ල දක්වා දිවෙන ප්‍රධාන මර්ගයේ 80 වෙනි කිලෝමීටර කනුව පසුවනවත් සමගම බලපිටිය මොහොට්ටිවත්තේ වනවගාවට බටහිරින් කුඩා කඳු ගැටයක් මත විහාරස්ථානයකි. වනස්පති මූනමල් රුකින් ගැවසූ හස්කම් සහිත විහරක්නා දෙවොලක් වශයෙන් පෙර සිටම පුද ලැබූ පූජනීය ස්ථානයක් වන මෙබිමේ විහරයක් ගොඩනඟා ගැනීම අවට සැදැහැවතුන් කලක සිටම් දකිමින් සිටි සිහිනයකි. ඒ සිහිනය සැබැවක් බවට පත්කිරීමේහිලා එකරාශි වු අවට ගම් වාසීන්ගේ කැපවීම හා අධිෂ්ඨානය මත සිරි සුමනාරාමය නමින් විහාරස්ථානයක් ගොඩනඟන්න ලදී.
පෘතුගීසි කාලයේදී මෙම ප්‍රදේශය පාලනය කළ මොහොට්ටි මුදියාන්සේ නිසා මෙම ප්‍රදේශය මොහොට්ටිවත්ත ලෙස නම් විය. මොහොට්ටි මුදියාන්සේගේ බිරිඳක් වන සුමනා නම් අය සිහිපත් වීම සඳහා ඒ නමින් මෙම විහාරස්ථානය සුමනාරාමය නමින් මෙම විහාරස්ථානය සිරි සුමනාරාමය නමින් හඳුන්වන්නට විය.