Ideal place for buddhist meditation
Ideal place for Buddhist meditation.
නැගෙණහිර පලාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ කුච්ච-වේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සාගල පුර ගම්මානයේ පිහිටි මෙය එක් පැත්තකින් කොඩොවුකට්ටු කලපුවටත් අනෙක් පසින් සාගරපුර වැවටත් අනෙක් පසින් මුහුදටත් වටවු විශාල කඳුවැටියකින් සමන්විත අතිශයින් සුන්දර සෙනසුනකි.මෙහි ඉපැරැණි පුරාවිද්‍යා සාධකයන් කිසිවක් නොමැති නමුත් කදුමුදුන තුල බ්‍රිතාන්‍යය පාලන සමයේ ගොඩනංවන ලද පලල් බිත්ති වලින් යුත් ගොඩනැගිල්ලක් දක්නට ලැබෙන අතර එය කාලතුවක්කු රැඳවුම් පලක් ලෙස භාවිතා කලේ යැයි සැක කෙරේ.