• Delete
  • Edit

About

Kotikagoda Rajamaha Viharaya is a place of worship, located at Matara 81000, Sri Lanka

Location :
Matara 81000

Added by Jopie, at 30 August 2012

Add missing information

Add email
Add phone
Add business description
Add website
Add Social Media
Add Products and Services

4 Reviews

  • Anonymous
    21 December 2017

    කොටික යනු කරුංකාවලට කියන තවත් නමකි. කොටික පැවැති පුවක් වත්තක් ගැන මාතර ප්‍රදේශයේ එකල ප්‍රචලිතව පැවැතිණි. කුමාරදාස රජුට ද මේ ග්‍රාමයේ පුවක් වත්තක් තිබී ඇත. ‘කරුංකා පුවක්’ බවට සකසා ගත් වත්ත ‘කොටිකාවත්ත’ වශයෙන් ව්‍යවහාරයට පැමිණ තිබේ.

    කරුංකා හෙවත් ‘කොටිකා’ ගොඩ කර තිබූ ස්ථානය ‘කොටිකාගොඩ වශයෙන් ව්‍යවහාර විය. කොටිකාගොඩ පැවැති ප්‍රදේශයේ වූ විහාරස්ථානය කොටිකාගොඩ රජ මහා විහාරය වශයෙන්, එදා පටන් හඳුන්වනු ලබයි. 1829 දී මෙහි ආරම්භය සනිටුහන් වේ. නුවර යුගයට නෑකම් කියන සිතුවම් මෙහි දක්නට ලැබේ. එය වර්තමානයේ ද දක්නට ලැබෙයි. මේ පුණ්‍ය භූමිය 1829 ට පෙර පටන් පැවැති බව විවිධ ලිපි ලේඛන සාධක වලින් හෙළි වේ. පෘතුගිසි, ලන්දේසි, ඉංගී‍්‍රසි පාලන කාලයන් තුළ විහාරයට ලියන ලද ඉඩම් ඔප්පු මඟින් ඒ බව තහවුරු වෙයි. උපසම්පදාව නැති යුගයේ මෙම විහාරස්ථානයේ ගණින් වහන්සේලා වැඩ වාසය කළ බවද එහි සඳහන් වේ. ගණින් වහන්සේලාට පුජා කළ ඉඩම් වර්තමානයේ විහාරය සතුව තිබේ. මේ කරුණු කරාණා මඟින් පෙනී යන්නේ මේ පින්බිම ක්‍රි.ව. 1500කට තරම් ඈතට දිවයන බවයි. පුජා බිම පුරාම දක්නට ලැබෙන්නේ විවිධ ජෛව විවිධත්වයන්ට නෑකම් කියන ලක්ෂණ යි. එයට හේතු සාධක සෙවීමේදී සඳහන් වන්නේ එකල තෙත් බිමක් වූ නිසාවෙනි. කුමාරදාස රජු විසින් මෙහි නිමාවා ඇති චෛත්‍ය ද එක් හේතුවකි. දාගැබ ඉඳිකොට ඇත්තේ ඓතිහාසික වැව් බැම්මක් මත ය. එය කුමාරදාස රජු විසින් කරවන ලදි. රජු විසින් වැව් බැම්ම කර වූ බව ජනප්‍රවාදයේ ද සඳහන් වේ.

    අදත් වැවේ කුඩා කොටසක් පුජා බිමේ චෛත්‍යයට බටහිරින් දක්නට ලැබේ. වර්තමානය වන විට විහාරස්ථානය විශාල වෙනස්කම් රැසකට ලක් කර ඇත. පෞරාණික බව ගිලිහීයමින් නවීකරණය වී ඇත.

    විහාර මන්දිරයේ බුදු සිරිත සුවිසි විවරණය සිතුවම් විශේෂය. රාශි චක්‍රය හා ලග්න ලීය මල්කම් සිවිලිමේ සිතුවම් කර ඇත. බුද්ධ මන්දිරය පිවිසුම් දොරටු දෙපස සිටින යක්ෂ ආරක්ෂක රූපවලින් විවිධ කථා වස්තුන් කියැවේ. එය ද විශේෂි සිතුවම් වේ. දොර, උළුවහු, ජනෙල්වලද ශිල්පියා නිදහසේ පින්සල භාවිතා කර සිතුවම් කර ඇත.

    අඩි 18’ පමණ උසකින් විෂ්ණු කතරගම දේව ප්‍රතිමා නිමවා ඇත. එය පිළිම වහන්සේට දකුණතින් හා වම් පසින් දක්නට ලැබේ. විහාර භූමිය අක්කර 8කින් සමන්විත යි. පූජා භූමියේ නටබුන් වූ වැවේ ඉතිරි කොටස සමඟ අක්කර 4ක් පමණ භූමිය අභය භූමියක් ලෙස වෙන්කර තිබේ. ආවාසගෙය නුවර යුගයට නෑකම් කියන අයුරින් නිමවා ඇත. මැද මිදුලක් සහිත මනස්කාන්ත ආවාස ගෙයකි. පෙර තිබූ ධර්ම ශාලාව අද ගොඩනැගිල්ල දක්නට ලැබුණ ද වර්තමානයට නවීකරණය කර ඇත. මෙහි වජ්‍රාසණයක් ද දක්නට ලැබේ. බුද්ධ මන්දිරයට යාබදව පොහොය ගෙයක් දක්නට ලැබේ.

    response / report this review
  • Anonymous
    18 May 2017

    Kotikagoda temple is located within city limits of the walgama town in the Matara district. The temple is believed to have began during the reign of king Mayadunne. Although what remains now had been constructed in 1829AD. It is now under the care of the Archeological department and it is one of the sites where historical paintings from the kandian era are still preserved.

    response / report this review
  • Anonymous
    01 January 2016

    Nice place can always hear chanting pirith.. Good maintaining gardens..

    response / report this review
  • Anonymous
    06 September 2012

    Kotikagoda Rajamaha Viharaya

    response / report this review

Rate & Write Reviews