නමෝ බුද්ධාය!
A good place to absorb the true beauty of Buddhist heritage. The monks at the place are maintaining the place with great hardships. It is a very king gesture if you are able to visit the place with basic day today needs. This isn't a must.
You can visit the place free of charge. The historic Dagoba is still under construction (2017).
The environment is dry but hopefully the wind will keep you cool.
Meet with the monks if you go. There are quite a lot of things to be learnt from their hardships.
Ancient Buddhist place under reconstruction
An ancient sacred temple
Buddhist Temple
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල නම් වූ කුඩා නගරයේ නෙළුම්ගම පිහිටි මෙම විල්ගම්වෙහෙර රජමහා විහාරය වනාහී මින් වසර 2200 කට පෙර රට දැය එක්සේසත් කළ මහා යුග පුරුෂ ගාමිණී අභය (දුටුගැමුණු) මහරජතුමාගේ පියාණන් වූ මහා ශ්‍රද්ධාවන්ත කාවන්තිස්ස මහ රජතුමාගේ සමයේ ගිරි අභය නම් ප්‍රාදේශීය රජු විසින් ඉදි කරනු ලදුව මහ රහතන් වහන්සේලාගේ නිර්මල පා පහසින් පාරිශුද්ධ වූ අති උතුම් පුණ්‍ය භූමියකි.
සේරුවිල මංගල රජමහා විහාරයේ සිට සැතපුම් 2 ක් පමණ උතුරු දිශාවට වන්නට සේරු නම් විල් තෙර අසල පිහිටි මෙම විල්ගම්වෙහෙරෙහි වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ පූර්ණ උපදේශකත්වය ලලාට ධාතු මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනයේ පටන් ම ලබා දුන් බවත්, සේරුවිල ධාතු නිධාන පින්කමට විල්ගම්වෙහෙර කරවූ ගිරි අබා රජු ද, සේරු නුවර රජු ද, ලෝණ නුවර රජු ද, කාවන්තිස්ස මහ රජු ද ඇතුළු සේනාව සමඟින් සිය පිරිස් පිරිවරා ගෙන මහා පෙරහැරින් මේ පුණ්‍ය භූමියේ සිට මංගල මහා සෑ මළුවට අති උත්කර්ෂවත්ව ගමන් කළ බවත් පාලි ධාතුවංශය, සිංහල ධාතුවංශය, ජිනකාලමාලි යන ඓතිහාසික ග්‍රන්ථයන් විමර්ශනශීලීව අධ්‍යනය කරන විට දැනගත හැකිවේ.
උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සුවඳවත් ගර්භයෙහි දරා වැඩ සිටි අහස උසට සුදෝ සුදු පැහැයෙන් බැබළෙමින් සුසිල්වත් සිව්වනක් ශ්‍රාවකයින්ගේ පුද පූජාවන් වන්දන මානනයන්ට නිරන්තරයෙන් බඳුන් වෙමින්පැවති මේ උතුම් විල්ගම්වෙහෙර මහා සෑ රජුන් ව්‍යවහාරික වරෂ 1214 දී ලංකා ධරණී තලයත් සම්බුද්ධ ශාසනයේ උද්දීපනයත් වනසමින් දකුණු ඉන්දීය කාලිංග මාඝ නම් දරුණු ආක්‍රමණිකයා විසින් මෙහෙය වූ පවිටු යුද සේනාවන්ගේ ප්‍රහාරයන්ගෙන් ලක් දිව් තලයේ අනෙකුත් සියලු පුණ්‍යභූමීන් සමඟින් නටඹුන් ව ගියහ.
අති පූජනීය සේරුවිල සරණකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශීර්වාදයෙන් අති පූජනීය දඹගස්ආරේ සුමේධංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වන ගෞතම බුදු සසුනේ දියුණුව ම නිති පතන ඒ පිණිස ම සිය පැවිදි දිවිය කැප කරන අප ගුරුදේවෝත්තම අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණනන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් ගෞතම බුදු සසුනේ සිව්වනක් පිරිසේ උපකාරයෙන් වසර 800 ක් පුරාවට වල් බිහිවී තිබූ මෙම විල්ගම්වෙහෙර මහා සෑ රජුන් කටු කොහොල් අරවා ප්‍රතිසංස්කරණය වෙමින් පැවතීම ලක් වැසි අප සැමගේ මහත් භාග්‍යයකි.