පදියතලාව නගරයේ සිට දොරකුඹුර දෙසට දිවෙන කොමන මාර්ගයේ කි.මී. 4 පමණ පැමිණි විට මාර්ගයේ දකුණු පසට වන්නට හෝලීකේ කොල්ලෑගම රජමහා විහාරය පිහිටා ඇත. වර්ෂ 1950 දී පමණ හෝලිකේ ජනපදය ආරම්භකර ඇත. මෙම පුදබිම අම්පාර පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෝලිකේ 138 ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇත.
මෙම සිද්ධස්ථානයේ ආරම්භය තවමත් නිශ්චිත නැත. නමුත් නියතවශයෙන් මෙහි ආරම්භය ඉපැරණි රෝහණ දේශයේ මුල් යුගයටම අයත්වනවාට සැක නැත.
මේ දක්වාම නිශ්චිත ගවේශනයකට ලක් නොකළ ඉපැරණි ගොඩනැගිලි කීපයකට අයත් ගල් කණු, පාදම් ගල්, පඩිපෙල්, සඳකඩ පහණ්, මුරගල් ආදිය බොහෝමයක් විහාර භූමිය පුරා විසිරී පවතී. වර්ථමාන ගොඩනැගිළි ඉදිකිරීම් නිසා ඇතැම් තැනක නටඹුන් වලට හානි සිදුවී ඇත. මෙහි ඇති අනෙකුත් විහාර අංග අතර ඉපැරණි බොධීන් වහන්සේ හා මෑත යුගයේ ඉදිකළ චෛත්‍ය වැදගත් වෙයි.
මෙම විහාරස්ථානයේ ඇති ඓතිහාසික බව නිසාම 2014 දෙසැම්බර් 24 දින නිකුතකළ ගැසට් පත්‍රය මහින් හෝලිකේ කොල්ලෑගම රජමහාවිහාරය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට නම්කොට ඇත.
මෙම විහාරයේ සිට තවත් කි.මී. 7 ක් පමණ දොරකුඹුර දෙසට වන්නට වහව උණුවතුර නළ ලිඳ පිහිටා ඇත.
Peaceful religious place.
Holike buddhist temple. Padiyatalawa