Ancient devalaya
මහනුවර ඇති තවත් අප්‍රකට ස්ථාන අතරින් එකක් කිවූවොත් හරියටම නිවැරදියි.වැඩි ජනප්‍රියත්වයක් නැති වුනත් පුරාන රජ කාලය දක්වා මෙම දේවාල භුමියේ ඉතිහාසය නෑකම් කියනවා.ජන කථා වලට අනුව දේවාලය ඉදි වී තියෙන්නේ මෙහෙමයි.මෙයින් සෑහෙන කාල වකවානුවකට පෙර මහනුවර පාලනය කල රජ කෙනෙක් තම දෝලාවෙන් ගමනක් යමින් සිටියදී දොලාවේ එක් පොල්ලක් හදිස්සියේ කැඩී ගොස් තිබෙනවා.ඒ කාලයේ මේ ස්ථානයේ මේ අයුරින් විශාල පහසුකම් සහිත ස්ථානයක් නෙවෙයි.පසුව එවකට සිටි කපු මහතා දේවාලයේ හාස්කම් සමගින් ඇල් වතුරෙන් පහන් පත්තු කර යාතිකා කර දදෝලාවේ කැඩුණු ස්ථානය සුදු පිරුවටයකින් ඔතා යාතිකා කර පිරුවටය අයින් කල පසු නැවතත් දෝලාව සන්ධි වී තිබු බවට අදටත් ප්‍රදේශයේ ජනතාවගෙන් විමසා දැනගත හැකියි.මේ හේතුවෙන්ම සතුටට පත්හ වූ රජතුමා මේ ස්ථානයේ හාස්කම්න දැක දේවාල භුමිය වැඩි දියුණු කර තිබෙනවා.මහනුවර සිට හෝ කොළඹ දිශාවේ සිට කිරිබත්කුඹුර නගරයට ඇවිත් එයින් ඇති වතුරකුඹුර දෙහිංග මාර්ගයෙන් මේ පින්බිමට බොහොම පහසුවෙන් ලගාවෙන්න පුළුවන්.මිට අමතරව තවත් අතුරු මාර්ගත් කීපයක්ම තියනවා.එන මාර්ගය දෙපස වවා ඇති නා ගස් සමුහයෙන් මේ පරිසරයට එකතු කරන්නේ අමුතුම සිසිලසක් සහ ලස්සනක්.වාර්ෂිකව දළධා මාලිගාවේ අවසන් පෙරහැරින් පසුව අලි ඇතුන්ද සමග මේ දේවාලයේද ඉතා අලංකාරවත් පෙරහැර මාලාවක් පැවැත්වෙනවා.ප්‍රදේශයේ ජනතාව මෙම පින්කම් මාලාවලට සහභාගී වන්නේ ඉමහත් භක්තියකින්.
❤️❤️❤️❤️
Tha Grate pales kandy
Great
Arunabandaradasanayaka