වලාකුළු අතර කදු මුඳුනක්
_____________________________
සුන්දර බෙලිහුල් ඔය,කළුපහන කේන්ද්‍ර කරගත් ඇල දොල ගංගා සුන්දර කඳු මුදුන් මෙන්ම තැනිතලා , නිම්න වලින් වසාගත් සුන්දර ප්‍රදේශයක් ලංකාවේ නැති තරම් ය. හා ගල(හාවාගල),ආදර කන්ද(පරෙවියන්ගල), පහන්තුඩා ඇල්ල, බඹරකන්ද ඇල්ල, ලංකා ඇල්ල, යාලතැන්න ඇල්ල, ගලපිටගල, සමනල වැව, වංගෙඩිගල, කළුපහනත් ඔහියත් යා කරන යකාගේ පඩිපෙල, එය ඔස්සේ හෝර්ටන් තැන්නට යාම, නන්පේරියල් වතුයාය,බේකර්ස් බෙන්ඩ් සහ නැග්රැක් බංගලාව මේ අතරින් සංචාරකයා ඇද බැද තබාගන්නා ස්ථාන කිහිපයකි.
මේ අතර පිහිටි සුන්දර එහෙත් ලගා වීමට තරමක් දුශ්කර කඳු මුදුනක් වන්නේ බලතුඩුවයි. ආසන්න පැය6කින් ලගා වියහැකි මෙම කඳු මුදුන හෝර්ටන් තැන්නේ ලෝකාන්තයට ගිය පසු ඉදිරිපසින් දැකිය හැකි කඳු මුදුන් 2න් එකකි. බලතුඩුව හැර අනෙක් මුදන වන්නේ ගොම්මොල්ලියයි.පැය 2කින් ලගාවිය හැකි වංගෙඩිගලත්, වංගෙඩිගල පසුකර ආසන්න පැයකින් ලගා විය ගැකි වංගෙඩි කන්දත් එතැන් සිටත් ආසන්න පැය 3ක කාලයක් තුල බලතුඩුව කදු මුදුනට ලගා විය හැක. මෙම ගමනේදී බඹර කන්ද දියඇල්ලද, ලංකා ඇල්ලද, තවත් පසෙකින් සමනල වැවද, කඳු මුදුනේදී පැහැදිලි දිනෙක එක් පසෙකින් ලෝකාන්තය බැලීමට පැමිණෙන ජනයාද කුඩාවට දැකගත හැක, නැග්රැක් බංගලාවද අනෙක් පසින් හාගලද දැකිය හැක. හරිත වර්ණයෙන් වසාගත් රුක්ගොමු අතරින් ඈතින් පෙනෙන නිමක් නැති නෙත් වශී කරවන සුලු දර්ශන වලින් මුසපත්ව කල මේ ගමන සදාකල් මාගේත්, මිතුරන් දෙදෙනාගෙත් මතකයේ සටහන් වනවා නොඅනුමානයි..
Excellent place in sri lanka
Nice far view from there
Awesome hike, Breathtaking view in the morning.
This is recoded as the 14th highest mountain in Sri Lanka. You can reach the mountain by passing wangedigala on the way. Way to top of the mountain is not very easy. Path to the top is not a very clear road. So highly advised to go with a villager who know the path.1