කි‍්‍ර.ව. 143 - 167 කාලය තුළ රජකළ භාතික තිස්ස රජු සමයේදී ඉදිකෙරුණු රජමහා විහාරයක නටඹුන් කන්නියා උණු දිය ළිංවලට ආසන්න මෙම ස්ථානයෙහි දක්නට ලැබේ. එකී රජමහා වෙහෙරේ චෛත්‍යයේ නටඹුන් අදටත් දක්නට තිබේ.
රාවන රජුගේ යුගයේ සිට මෙම උණුදිය උල්පත් පැවති බවට ජනප්‍රවාදයේ පවතී. ඒ අනුව රාවන රජුගේ මවට වැළදුණු අසනීපෙකට ප‍්‍රතිකාරයක් ලෙස රාවන රජු මෙම ළිං ඉදි කළ බව කියැවෙයි.
එමෙන්ම කන්නියා උණු දිය ළිංවලට කිලෝ මීටර් කිහිපයක් ඈතින් පිහිටි වෙල්ගම් රජමහා විහාරය ආරම්භ කළ යුගයේදී එහි වැඩ වාසය කළ භික්ෂූන්ට පැන් පහසුව පිණිස මේ ළිං ඉදි කළ බවටත් ජනවහරෙහි පවතී.
Temple is under development.
Located adjacent to hot water wells, Kanniya.Built by King Bhathika Thissa(143 to 167 AD)
This Buddhist temple is situated adjacent to the Kanniya hot water wells.