කුරුණෑගල නගරයේ සිට පුත්තලම මාර්ගයේ කි.මි.7.5ක් පමන ගිය තැන රත්කරව්ව මංසන්ධිය යි. ඉන් දකුණට හැරී මද දුරක් යනවිට රත්කරව්ව සිරි දළදා සෙනසුන හමුවේ.
ඉතා පැරණි බෝධිරාජයානන් වහන්සේ නමක් මෙහි වේ. පෙර කල දන්ත ධාතූන් වහන්සේ පර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සඟවා තබාගත් ස්තානයක් සේ සලකයි.
එනිසා ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ලැබී ඇත. පුරාවිද්‍යා භූමියට යාබදව වර්තමාන සෙනසුන පිහිටා ඇත.
සිත් නිවන පින්බිමකි. දර්ශනීය ලෙස නිර්මනය කර ඇත. මනරම් විහාර මන්දිරයක් වේ. එට ටැම්පිට ඉදිකල එකකි. නියං කලට දිය සිඳෙනා. වැසි කලට පිටාර ගලනා කුඩා පොකුණක් ද වේ. ආගමික වත් පිලිවෙත් මනාව ඉටුවෙනා බෞද්ධ සිද්ධස්ථානයකි.