4මං සංධියකි. එක් මාර්ගයකින් (ලින්ටන් මාර්ගය) කොළඹ-මීගමුව මහා මාර්ගයට ගමන් කල හැක. අනිත් මාර්ගයෙන්(බත්ගම්මුල්ල මාර්ගය) පේරලන්ද දුම්රිය ස්ථානය හරහා ජයශ්‍රීගම ග්‍රාමය වෙත ලගා විය හැක. අනිත් මාර්ගයෙන් රාගම නගරයටත් ඉතිරි මාර්ගයෙන් කදාන නගරයටත් ලගා විය හැක. මෙම පේරලන්ද මංසන්ධිය වැටී ඇත්තේ රාගම-ජාඇල මාර්ගය හරහා වන හෙයින් මාර්ග අංක 264 න් ධාවනව වන රාගම-ජාඇල බස් රථයද මේ හරහා ගමන්ගනී. මෙම මංසන්ධිය හදුනාගත හැකි ප්‍රධාන ලක්ෂණය වන්නේ ශාන්ත අන්තෝනි මුනිවරයාගේ පිළිමයක් මෙම ස්ථානයේ පැවතීමයි. මෙම ස්ථානයේ සිට බත්ගම්මුල්ල මාර්ගයට හැරුනු සැනින් (මීටර් 20ක් පමන ඔබ්බෙන්) පේරලන්ද දුම්රිය ස්ථානය පිහිටයි. එමෙන්ම මෙම මංසන්ධියේ සිට මීටර් 200ක් පමන කදාන දෙසට පැමිනි විට පාරේ වම්පසින් පේරලන්ද රෝමානු කතෝලික දේවස්ථානයත්, ද්විතීක මිශ්‍ර පාසැලත්, පේරලන්ද දේවස්ථානයට අයත් සුසාන භූමියත් හමුවෙයි. එමෙන්ම මෙම ස්ථානයේ සිට මීටර් 100 ක් පමන රාගම දෙසට යත්ම පාරේ වම් පසින් පේරලන්ද වැව හමුවෙයි. මෙම මංසන්ධිය ප්‍රධාන වශයෙන් තැපල් කාර්යාලයකින්(Post Office) , අවල්හල් වලින්(Restaurant), රූපලාවන්‍යාගාර වලින්(Salons), තොග සහ සිල්ලර වෙලද සැල් වලින් හා වෙදමැදුරු වලින් සමන්විත වෙයි. බහුතරය සිංහල ජාතිකයන් හා රෝමානු කතෝලික ආගමිකයන් සිටින කලාපයකි.
It is good