• Delete
  • Edit

About

Nimalawa Aranya Senadanaya is a place of worship, located at Nimalawa Aranya Senasanaya, Sri Lanka. They can be contacted via phone at +94 473 483 700 for more detailed information.

Location :
Nimalawa Aranya Senasanaya
Contacts :

Added by Jopie, at 11 August 2017

Add missing information

Add email
Add business description
Add website
Add Social Media
Add Products and Services

5 Reviews

  • Harsha Goonawardana
    15 May 2019

    Silent place

    response / report this review
  • Aruna Landekumbura
    24 February 2019

    Very peaceful

    response / report this review
  • Thilina Chandima
    15 June 2018

    A calm place @ the edge of The Yala National Park. Here we can see a different way of almsgiving other than temples. We have not to go to the Buddhist Monks and they come to us to collect their lunch and its called as "Pindapaatha". Pilgrims are allowed to see Meditation huts everyday from 10.00 am to 12.00 noon. Meditation huts are situated about 2 km far away from the pilgrims rest and the office. We all can see the whole Yala Park, Kirinda area at the top of the rock behind the pilgrims rest. Also Wild Elephants 🐘, Wild Pigs 🐗, Deers etc.
    නිමලව ආරණ්‍ය සේනාසනය යනු යාල ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි මනස්කාන්ත වූත් නිස්කලංක වූත් රමණීය පරිසරයකි. අපට සුපුරුදු විහාරවාසී භික්ෂූන් වහන්සේලා ට වඩා වෙනස් ජීවන රටාවක් මෙහි වෙසෙන යෝගාවචරයාණන් වහන්සේලාගෙන් දක්නට හැකිය. දෛනිකව භාවනාවට හුරු වූ උන් වහන්සේලා ඉතා අල්පේච්ඡ දිවියක් ගත කරති. පෙනෙන තෙක් මානයේ මිනිස් වාසයක් නැති වන සතුන් ගහණ වන ලැහැබ මැද දැඩි සුළඟට ගස්වල කොල ලෙලෙන හඬ සිතේ ඇති සියලු දේ අමතක කරවන සෙයකි. දාන ශාලාවක්, කාර්යාලයක්, මුලුතැන්ගෙයක් සහ විශ්‍රාම ශාලාවක් මෙහි ඇති අතර ස්වාමීන් වහන්සේලා වැඩ වසන කුටි පිහිටන්නේ තවත් කිලෝ මීටර දෙකක් පමණ වනය තුළට වන්නටය. මෙම ආරණ්‍ය සේනාසනයට දානයක් භාරගත් අයවලුන් තම දාන වාරයට පෙර දින සවස හතරට පෙර එහි යා යුතුය. එදින සවස් භාගයෙහි ගිලන්පස සඳහා අවශ්‍ය දේත්, භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් (විදුලි ජනකය සඳහා) ආදිය රැගෙන යා යුතු වන අතර දානය ⁣දිනයේ එනම් පසු දින අලුයම 5.30 පමණ වන විට හීල් දානය රැගෙන ආරණ්‍ය භූමියට යා යුතු වේ. මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරනුයේ කාර්යාලයේ සිටින 'ලියන මහත්තයා' විසිනි. දහවල් දානය පිළිගගැනීමට උදෑසන 8.55 ට ස්වාමීන් වහන්සේලා පහළ දාන ශාලාව වෙත වනය මැදින් පා ගමනින් පිණ්ඩපාතයෙහි වැඩීම ඉතාමත් මනස්කාන්ත දසුනකි. එසේම මෙහි දානමය කටයුතු සිදු වන අයුරු ද ඉතා වෙනස් ආකාරයක් ගනී. අපට සුපුරුදු ස්වාමීන් වහන්සේලා වෙත ගොස් දන් පිළිගැන්වීම වෙනුවට උන්වහ⁣න්සේලා පැමිණ සිටින සියල්ලෝම තිසරණ සහිත පංචසීලයෙහි පිහිටුවා කෙටි අනුශාසනාවක් සිදු කොට (බොහෝවිට මෙය සිදු කරනු ලබනුයේ නායක ස්වාමීන් වහන්සේ විසිනි.) අප වෙත පැමිණ තමන්ට අවශ්‍ය/කැමති ව්‍යංජන ලඟ පමණක් නවතිති. එවිට අප විසින් උන් වහන්සේලා ට අවශ්‍ය ප්‍රමාණය පමණක් පිළිගැන්විය යුතුය. විසි නමකිත් පමණ යුත් මෙම ස්වාමීන් වහන්සේලා ඉනික්බිති දාන ශාලාවෙන් නික්මෙන අතර එක් ස්වාමීන් වහන්සේ නමක් නැවතී පැයක හමාරක ධර්ම දේශනාවක් සිදු කරයි. ආරණ්‍ය සේනාසනය නැරඹීමට අවස්ථාව ඇත්තේ උදෑසන 10 සිට මධ්‍යහ්න 12 දක්වා පමණි. වන අලින් 🐘, වල් ඌරන් 🐗, මුවන් ආසී වන සතුන් සුලබව අප අතර ගැවසුණද අපෙන් ඔවුන්ට හිරිහැර වනතාක් අපට ඔවුනගෙන් හිරිහැරයක් නැත. විශ්‍රාම ශාලාව පසුපසින් ඇති විසල් ගල් පර්වතය මෙහි යන කාගෙත් අවධානය දිනා ගනී. එමතට නැඟි විට කිරින්ද සහ යාල අභය භූමිය මනාව නැරඹීමට හැකිවීම සහ 🌞 හිරුරැස් මකාගෙන හමන සුළං ධාරාව එයට එකම හේතුව වන බව නොඅනුමානය. කණගාටුවට කරුණ නම් උන් වහන්සේලා වෙනුවෙන් සාන වාරයක් ලබා ගැනීමේ අසීරුතාවයයි. දැනුදු දන් වර හිමි අයවලුන් ට පවා එම මාහැඟි අවස්ථාව ට ඉඩ හසර ලැබෙනුයේ දෙවසරකට එක් වරකි. කෙසේ වුවද ඔබ මෙම භූමිය නැරඹීමට හෝ වන්දනා කිරීමට දිනෙක යන්නේ නම් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් බීමට බෝතල් කළ පානීය ජලය රැගෙන යන්නේ නම් ඉමහත් පිනකි. එමෙන්ම මතකය හැර අනෙක් සියලු දේ රැගෙන නෙඒමටත්, පූජා කරන්නට රැගෙන යන දේ මිස ඔබ ගෙන ගිය අන් කිසිවක් එහි දමා නොඒමටත් අමතක නොකරන්න.

    response / report this review
  • Sujith Samantha
    01 June 2018

    Bawana / Relax Quote place,

    response / report this review
  • Nilusha707
    18 August 2017

    Lovely relaxing place

    response / report this review

Rate & Write Reviews