About

The Ministry of Parliamentary Reforms and Mass Media is a ministry in the Government of Sri Lanka.

Tags : #PublicGovernmentService, #GovernmentOrganization, #GovernmentBuilding, #Public&GovernmentService

Location :
163,Asi Disi Medura, Kirulapone Mawatha, Polhengoda,, 10250 Colombo

Opening Hours

  • Monday 08:30 - 16:15
  • Tuesday 08:30 - 16:15
  • Wednesday 08:30 - 16:15
  • Thursday 08:30 - 16:15
  • Friday 08:30 - 16:15
  • Saturday -
  • Sunday -

11 Reviews

  • Anynomous
    16 January 2017

    යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ග්‍රන්ථය ලෝක ජනගත කිරීමේ මහෝත්සවය 2017 ජනවාරි 16 පස්වරු 4 සිට ජාතික රූපවාහිනියෙන් සජීවීව.

    report this review
  • Anynomous
    08 November 2016

    දෙසැම්බර් 5 වැනි දිනට යෙදෙන දිවංගත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ 88 වැනි ජන්ම දිනය වෙනුවෙන් 'අමරදේව අසපුව' නමින් වූ මහා ශිල්පාගාරයට මුල්ගල් තැබීමට නියමිතයි.

    report this review
  • Anynomous
    08 November 2016

    Training on #RTI for government officials in North Central Province, held at hotel Miridiya, Anuradhapura.

    report this review
  • Anynomous
    08 November 2016

    තොරතුරු පනත පිළිබදව රාජ්‍ය නිළධාරින් දැනුවත් කිරීම -ගාල්ල දිස්ත්‍රික්කය

    තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව දිසාපතිවරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු අනෙකුත් රාජ්‍ය නිළධාරින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලවේ තවත් අදියරයක් ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ලේදී පැවැත්විණි..

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරනවිතාණ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා, ඇතුළු රාජ්‍ය නිළධාරිහු විශාල පිරිසක් එක්වූහ.

    report this review
  • Anynomous
    06 October 2016

    This is the official twitter account of the Ministry of Parliamentary Reforms and Mass Media. #myfirstTweet twitter.com/mediagovlk

    report this review
  • Anynomous
    21 September 2016

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය

    අපේ අරමුණු

    1.මහජනතාවට සත්‍ය තොරතුරු එසැනින් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම... 2.ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම සඳහා උපකාරීවනු පිණිස දැනුම පදනම් කරගත් ප‍්‍රඥාවන්ත සමාජයක් නිර්මාණය කිරීම සඳහා සහායවීම 3.ජනමාධ්‍ය ආචාර ධර්ම, ජනමාධ්‍ය මගපෙන්වීම් මාලාවන් සහ ඊට අදාළ වූ ප‍්‍රතිපත්ති හඳුන්වාදීම 4.රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවන්හි ප‍්‍රවර්ධනය සඳහා ජාතික යටිතල පහසුකම් වර්ධනය කිරීම 5.වගකීම් සහිත මාධ්‍ය සදාචාරයක් නිර්මාණය කර ගැනීම සඳහා සුදුසු පියවර ගැනීම 6.ජනමාධ්‍ය සංවර්ධනය සඳහා නව තාක්‍ෂණය සුදුසු පරිදි හඳුන්වාදීම 7.රාජ්‍ය සහ පුද්ගලික ජනමාධ්‍ය ඔස්සේ රටේ සංවර්ධනය ඉලක්ක කොටගත් ජනහිතකාමී ජනමාධ්‍ය මෙහෙවරක් ක‍්‍රියාත්මක කිරීම සඳහා එම ආයතන යොමු කරවීම 8.ජාතික සංවර්ධන ප‍්‍රයත්නය සදහා සමස්ත ජනමාධ්‍යයේ දායකත්වය වැඩි කරවා ගැනීම 9.ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයට සහ සංස්කෘතික වටිනාකම්වලට එරෙහිව ගොඩනැගෙන දේශීය හා විදේශීය බලවේග පරාජය කිරීම සදහා ජනමාධ්‍ය ඔස්සේ සුදුසු පියවර ගැනීම 10.ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීම සදහා සුදුසු පියවර ගැනීම

    ප‍්‍රධාන කාර්යයන්

    1.ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති විෂයයන්ට හා අමාත්‍යාංශයට අනුබද්ධ දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප‍්‍රතිපත්ති හා වැඩසටහන් සදහා මගපෙන්වීම් ලබා දීම 2.අදාළ අරමුණු සපුරාගැනීම සදහා ප‍්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම 3.අමාත්‍යාංශ විෂය පථයට අයත්වන මහජන සේවාවන් අදාළ ආයතන ඔස්සේ කාර්යක්ෂමව හා මහජන හිතකාමී අයුරින් ලබාදීම 4.අමාත්‍යාංශයේ කාර්ය භාරය ඉටු වීම සහතික කරනුවස් නවීණ කළමනාකරණ තාක්ෂණික ශිල්පීය ක‍්‍රම යොදාගනිමින් සියළු ආයතනික සහ කළමනාකරණ ක‍්‍රම සහ විධි ප‍්‍රතිසංස්කරණය කිරීම 5.ප‍්‍රවෘත්ති සාකච්ඡුා සංවිධානය කිරීම ඇතුළුව නිල ප‍්‍රවෘත්ති ජනමාධ්‍ය වලට නිකුත් කිරීම 6.ශ‍්‍රී ලංකාව ගැන විමසීම් සඳහා තොරතුරු ලබා දීම 7.රජයේ දෙපාර්තමේන්තුවලට තොරතුරු සැපයීම හා ප‍්‍රචාරක කටයුතු 8.දෙපාර්තමේන්තු ප‍්‍රකාශන හැර රජයේ වෙනත් ප‍්‍රකාශන අලෙවිය, ගබඩා කිරීම සහ නිකුත් කිරීම 9.වාණිජ ගුවන්විදුලි ප‍්‍රචාරය සහ විදේශ විකාශනයන් ඇතුළුව ගුවන් විදුලි ප‍්‍රචාරක කටයුතු 10.රාජ්‍ය සහ පුද්ගලික අංශයට අයත් ජනමාධ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යාම

    See more

    report this review
  • Anynomous
    07 August 2016

    ඇසිදිසි ක්‍රිකට් ශූරතාවලිය - 2016

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සයවන වරටත් සංවිධානය කරනු ලබන ඇසිදිසි ක්‍රිකට් ශුරතා තරගාවලිය 2016 එළඹෙන සැප්තැම්බර් 30, ඔක්තෝබර් 01 සහ 02යන දිනවල කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

    මෙම තරගාවලිය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන මෙන් ම රාජ්‍ය, පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනයන්ට අයදුම්කළ හැකි අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල දී සිදු කෙරේ.

    ...

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, එහි අනුබද්ධ ආයතන සහ රාජ්‍ය හා පුද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනය අතර මිත්‍රත්වය සහ සුහදතාව වර්ධනය කිරීම වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ අරමුණයි.

    Calling Applications for “Asi Disi” Cricket Championship – 2016

    “Asi Disi” Cricket Championship organized for the sixth year by the Ministry of Parliamentary Reforms and Mass Media will be held on 30th September, 01st & 02nd October, 2016 in Thurstan Grounds, Colombo 07.

    Applications are now being called for this soft-ball cricket tournament annually organized as a ‘Cricket Carnival’ with the participation of institutions affiliated to this Ministry as well as state and private media institutions fostering friendly and cordial relations among them.

    This is a tournament of 11 players per side and only one team can represent one media institution. All players should compulsorily be employees of the respective media institution. Rules, Terms and Conditions will be informed on receipt of applications

    See more

    report this review
  • Anynomous
    07 August 2016

    Special Seminar in Parliamentary today

    A special seminar organized by the Ministry of Parliamentary Reforms and Mass Media with the assistance of the Sri Lanka Parliament will be held 4th Aug at the Committee room no.01 of the Parliament under the patronage of Minister Gayantha Karunathilake.

    Deputy Minister Karunarathne Paranawithana, Secretary to the Ministry Mr. Nimal Bopage, General Secretary of the Sri Lanka Parliament Mr. Dhammika Dasanayake will also participate.

    ...

    Additional Secretaries, Senior Assistant Secretaries, and senior administrative officials of all the Ministries will attend the seminar.

    Role of the Parliamentary Committees, Parliamentary Standing Orders, Proceedings and the Responsibilities of the Parliamentary Bills and the Role of the related government institutions are the key areas to be addressed at the seminar.

    See more

    report this review
  • Anynomous
    20 May 2016

    State Vesak Festival 2016 in Hambantota

    State Vesak Festival- 2016 will be held from 18th to 24th May in Hambantota district centering the Nayigala Rajamaha temple in Weeraketiya.

    The inauguration of the festival will be held on Wednesday (18th May) at the Kasagala Rajamaha Viharaya with the ordination of 35 laymen at the temple premises.

    ...

    As scheduled, several religious programs will be held on 19th and 20th May at the Nayigala temple and the full day Sil campaign will be on the Vesak Poyaday (21st May).

    President Maithripala Sirisena will participate the main function of the state festival to be held on Sunday (22nd May) at the Nayigala temple.

    The President will grant financial provisions worth Rs. 29.1 millions for the temples and the Dhamma schools in the district at this occasion. These provisions are provided by the Ministry of Buddha Sasana. The Ministry will also provide additional Rs. 9 millions for the development proceedings of the Nayigala Rajamaha temple.

    In addition, declaring the Nayigala temple as a sacred place, unveiling a Vesak commemorative stamp, awarding the housing deeds for the parents of the ordained 35 laymen, and granting dry rations for 250 low-income families will also take place under the patronage of the President Sirisena.

    This will be the first time that a State Vesak Festival is to be held in Southern Province. According to the Minster of Justice and Buddha Sasana Wijayadasa Rajapakshe, all the infrastructure facilities will be provided for the pilgrims, who are visiting the State Vesak Festival.

    See more

    report this review
  • Anynomous
    14 May 2016

    ජනමාධ්‍යවේදීන්ට සහන පදනම මත යතුරුපැදි...

    ජනමාධ්‍යවේදීන්ට සහන පදනම මත යතුරුපැදි බෙදාදීම සඳහා අද (13) පෙරවරුවේ කොළඹ රූපවාහිනි අභ්‍යාස ආයතන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ තිබුණි,

    ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම උත්සවය සංවිධානය කර තිබුණු මෙම උත්සවය මුදල් අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක,පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යා ගයන්ත කරුණාතිලක මැතිතුමා හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාලන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

    ...

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නීතීඥ නිමල් බෝපගේ මහතා ඇතුළු ජනමාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ මාධ්‍යවේදීහු රැසක් එක්ව සිටියහ.

    මෙහි දී ජනමාධ්‍යවේදීන් පනස් දෙනකු වෙත යතුරු පැදි සංකේතාත්මකව ලබා දෙන ලදී.

    මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා -

    “එදා තිබුණ තත්ත්වය සහ අද තියෙන තත්ත්වය බැලුව ම ඔබට පේනවා අපි ජනමාධ්‍ය නිදහස ඇති කරල තියෙනව කියල. අපි බලයට එන්න කලින් මාධ්‍ය නිදහස ගැන අපට තිබුණෙ කළු පැල්ලමක්. මාධ්‍යවේදීන් ඝාතන කිරීම්, පරදීම්, රැවුල කොණ්ඩය කැපීම්, අතපය කැඩීම, රට හැරයාම් වාර්තා වුණා. ඒව කල්පනා කරද්දි වැටහෙනව අද මාධ්‍ය නිදහස් හැමෝම කොයි තරම් හොඳට භුක්ති විඳිනව ද කියල.

    අපි ඡන්දෙට ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ වෙලාවෙ ඇතැම් අය කිවුව මාධ්‍යවේදීන්ට මේකෙ මොකුත් නෑනෙ කියල. අප අද ජනමාධ්‍යවේදීන්ට වටිනම දේ ජනමාධ්‍ය නිදහස ලබා දීල තියෙනවා. ඒ වගේ ම අද සිදු වුණා වගේ මාධ්‍යවේදීන් වෙනුවෙන් සුබ සාධනය වෙනුවෙන් කළ යුතු යුතුකම අපි ඉටු කරනව කියල කියන්න කැමැතියි.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

    උත්සව සභාව අමතමින් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා මෙසේ පැවැසීය.

    2005 දි අපේ රටේ සමස්ත ණයබරතාව රුපියල් බිලියන 1750යි. මහින්ද රාජපක්ෂ පාලනයෙන් යහපාලන රජය රට භාර ගන්නා විට බිලියන 9980යි. ඒ කියන්නෙ පස් ගුණයක වැඩිවීමක්. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වුණ ආණ්ඩුවක් විදියට අපට බැහැ මේ ණය ගෙවන්නෙ නෑ කියල ඉන්න. අපි මේව ගෙවන්න ඕනෙ. රටේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 1320යි. ගෙවන්න තියෙන පොලිය විතරක් රුපියල් බිලියන 1400යි. ආදායම මදි වියදම් කරන්න. අපි වැට් බද්ද 4%කින් වැඩි කළේ තෝරාගත් දේවල් වෙනුවෙන් විතරයි. නමුත් මාධ්‍යවල දැම්ම හැම දේටම කියල. අපට කෙටි කාලෙකට අවස්ථාව දෙන්න මේ දේවල් විසඳන්න. අවුරුදු එක හමාරක් යන්න කලින් මේ රට, ජනතාවට ජීවත් වෙන්නට හැකි වාතාවරණයක් අපි සකස් කරනවා.

    අපේ රටේ ඉන්නවා ජනතාව ලක්ෂ 210ක්. නමුත් බදු ගෙවන්නන්ගේ ලිපිගොනු තියෙන්නෙ 28,000යි. අපට ලැජ්ජාවක් ඇති වෙන්නෙ නැත් ද? ලෝකෙයේ නවීන පන්නයේ වාහනවල යනවා. නමුත් ඒ අයට බදු ලිපි ගොනුවක්වත් නැහැ.

    ජනමාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා මේ මොහොතෙදි ඉටු කරන්න. අපේ අමාත්‍යාංශයෙත් සත පහක වංචාවක් තියෙනව නම් හෙළි කරන්න. එහෙම වෙන්න හදනව නම් දැනුවත් කරන්න. තොරතුරු අපෙන් අහන්න. තොරතුරු දැන ගැනීමේ පනත තාම නැති වුණත් අපේ අමාත්‍යාංශ ඒ අයිතිය දීල තියෙනවා. ” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

    See more

    report this review
  • Anynomous
    13 May 2016

    ජනමාධ්‍යවේදීන් සඳහා සහනදායි පදනම මත යතුරුපැදි ඛෙදා දීමේ උත්සවය අද

    ජනමාධ්‍යවේදීන් සඳහා සහනදායි පදනම මත යතුරුපැදි ඛෙදා දීමේ වැඩසටහනේ නිල උත්සවය අද (13) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා හා මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම උත්සවයේදී ජනමාධ්‍යවේදීන් 100 දෙනෙකු වෙත සංකේතාත්මකව යතුරු පැදි ප්‍රදානය කිරීම සිදු වේ.

    ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය කටයුතු පහසුකරවීමේ අරමුණින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    report this review

Rate & Write Reviews