මඩකළපුව දිස්ත්‍රික්කයේ, වෙල්ලාවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සින්නවත්ත ග්‍රාමයේ පිහිටි ශ්‍රී පන්තාරාමය විහාරස්ථානය ඉතාමත් අල්ප පහසුකම් යටතේ පවත්වාගෙන යන ඉතා දුෂ්කර විහාරස්ථානයකි. වර්ෂ 1983 වනවිට සැලකිය යුතු සිංහලයින් පිරිසක් ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ද්‍රවිඩ ත්‍රස්ථවාදීන් විසින් මෙම සියලුම සිංහල ජාතිකයන් ප්‍රදේශයෙන් පලවාහරින ලද අතර බොහෝ මනුෂ්‍ය ඝාතනද සිදුකරණ ලදි. අරන්තලාව භික්ෂු සංහාරය හා 90 දශකයේදී අම්පාර, ගොනාගොල්ල ප්‍රදෙශයේ සිදුවූ අති භිහිසුණු මනුෂ්‍ය ඝාතන එකල සිදුවූ සිද්දීන් විය.
නමුත් 2009 වසරේදි යුද්ධය අවසන්වීමත් සමගම නැවත එම ප්‍රදේශවල පදිංචි වීම සඳහා එම ප්‍රදේශ අතහැර ගිය සිංහල වැසියන් පැමිනෙමින් සිටී. ඔවුන්ට තාවකාලික නිවාස ඉදිකරගැනීමට හා වෙනත් බොහෝ අවශ්‍යතා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයද බොහෝ දුරට සහයෝගය ලබාදෙයි. මේ සඳහා මඩකළපුව නගරයේ මංගලාරාම විහරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් බොහෝ වෙහෙසවී කටයුතු සිදුකරයි.
දැනට සින්නවත්ත ශ්‍රී පන්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස දේවාලේගම පඤ්ඤානන්ද හිමියන් කටයුතු සිදුකරයි.