ඇත්තලපිටිය විහාරස්තානය වර්ශ 1884 දී කිතල් ඇල්ලේ ශ්‍රී සරණංකර ඌව වෙල්ලස්ස දෙදිසාවෙ ප්‍රතම ප්‍රදාන සංඝනායක නාහිමියන් විසින් ආරම්භ කොට ඇත.
ගොරඩියකුම්බුරෙ විමලසාර නාහිමි සහ ඇත්තලපිටියෙ චන්දවිමල නාහිමි යන හිමිවරුන් උන් වහන්සෙගෙන් අනතුරුව මෙහි අධිපතිත්වයට පත් වූ අතර වත්මනෙ ඇත්තලපිටියෙ චන්දවිමල නාහිමියන් එහි කටයුතු කරමින් වැඩ සිටියි.
ඌවෙ පරසිදු පඩිරුවණක් වූ නාවුල්ලේ ධම්මානන්ද හිමියන් කලක් මෙහි වැඩ සිටි අතර උන් වහන්සෙ මෙම විහාර පරම්පරාවෙ කිර්තිමත් හිමි නමකි.
ගෝවුස්සේ සංඝරක්ඛිත හිමියන් මෙම විහාරයෙ විහාරාධිකාරි හිමියන් ලෙස කටයුතු කරන අතර උන් වහන්සේ බන්ඩාරවෙල ශාසනාරක්ශක මන්ඩලයෙ ගරු ලෙඛකාධිකාරි හිමියන් සේම වැල්ලවාය හදපානාගල කණබිසවාරම විහාරයෙ විහාරධිපති හිමියන් ද වේ.
අංග සම්පූර්න විහාරයක් වන මෙහි විහාර මන්දිරය කැළණි විහාර බිතුසිතුවම් ප්‍රති නිර්මාණය කරමින් නිමවා ඇත. ඵැරණි විහාරය 1912දි, චෛත්‍ය 1940දි පමන ඉදිකර ඇති බව සදහන් වේ.
මෙහි ඇති බොධින් වහන්සේ එකල අනුරාධපුරයෙ සිට දුම් රියෙන් වැඩම කොටගත් ජය ශ්‍රි මහ බොධි අංකුරයකි.