• Delete
  • Edit
place of worship

මැදවෙල රජමහා විහාරය

Medawala

About

මැදවෙල රජමහා විහාරය is a place of worship, located at Medawala, Sri Lanka

Location :
Medawala

Added by Jopie, at 16 January 2017

Add missing information

Add email
Add phone
Add business description
Add website
Add Social Media
Add Products and Services

2 Reviews

  • Chanaka Herath
    11 March 2017

    මැදවල රජමහා විහාරය.

    response / report this review
  • Hasitha Sandaruwan
    23 January 2017

    මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශීය බලප්‍රදේශයට අයත් මැදවල ග‍්‍රාමනිලධාරි වසමේ මැදවල රජමහා විහාරය ස්ථානගතව ඇත. (07° 21’ 21” හා 80° 33’ 49” ඇත. මහනුවර-දොරණෑගම මාර්ගයේ මැදවල නගරයේ සිට කිලෝමීටර 0.8ක පමණ දුරක් ගමන් කළ විට දී විහාරස්ථානයට ළඟාවිය හැකිය. සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් විහාරක් වන මැදවල විහාරය පූජ්‍ය දෙහිගම චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා යටතේ පරිපාලනය වෙයි. මෙම විහාරය මහනුවර යුගයේ ජනප්‍රිය ස්ථානයක්ව පැවැති බව එසමයේ ප්‍රචලිත ආධ්‍යාපනික ග්‍රන්ථයක් වූ විහාර අස්න හෙවත් නම් පොතේ සඳහන් වී තිබීමෙන් පැහැදිළි වෙයි. ජනශ්‍රති අනුව මැදවල විහාරයේ ඉතිහාසය වට්ටගාමණී අභය රජුගේ (ක‍්‍රී.පූ. 103 කාලසීමාව දක්වා ගමන්කරයි. එතුමා මලය දේශයේ ගතකළ සමයේ මෙම විහාරස්ථානය ඉදිකළ බව දැක්වෙයි. විහාරස්ථාන ඉතිහාස විවරණයේ දී භාවිත කළහැකි ලිඛිත පුරාවිද්‍යා මූලාශ්‍ර දෙකකි. ඒ විහාරස්ථාන මළුවේ දක්නට ඇති ප්‍මැදවල ශිලාලේඛනය හා මැදවල සන්නස යන මුලාශ්‍රද්වයයි. සන්නසට අනුව විහාරය ඉදිකිරීමේ ගෞරවය කීර්ති ශ්‍රී රාජසිංහ (1755) රජුට හිමි වේ. විහාරස්ථානයේ හමුවන වාස්තුවිද්‍යාත්මක අංගයන්හි කලා ආකෘතික ස්භාවය මත ඓතිහාසික පදනම මහනුවර යුගය දක්වා ගමන් කරන බව පැහැදිලි වෙයි. මෙම නිගමනයට පැමිණීම සඳහා ටැම්පිට විහාරය, බුද්ධප්‍රතිමා ලක්ෂණ හා බිතුසිතුවම් උපකාරී වෙයි. ආගමික, වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක, හා සෞන්දර්යාත්මක ආදි අගයන් රැසක් පිළිබිඹු කරන මැදවල විහාරය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රදේශීය ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවෙයි. ටැම්පිට විහාරය හා නව බුදු මැදුර ජනයාගේ ආගමික ප්‍රතිපදාවන් උදෙසා වැදගත්වෙයි. එමෙන්ම ටැම්පිට ප්‍රතිමාගෘහය ඉදිරිපස ඇති පොහොය ගෙය භික්ෂූන්වහන්සේගේ විණය අවශ්‍යතා සපුරාලයි.

    response / report this review

Rate & Write Reviews